කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට තද වැසි හෙට (16) දින අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණයවී ඇති බවයි, එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති.
ඉන් අනතුරුව ඉදිරි දින දෙක තුලදී, එය දිවයිනේ උතුරට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා.
මේ අතර උඩවළව ජලාශයේ වාන් දොරටු පහෙන් තුනක් ඊයේ (14) රාත්‍රියේ සිට විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ජලාශයේ ඉහළ පෝෂක ප්‍රදේශයේ බලංගොඩ, කලතොට ප්‍රදේශවලට මිලිමීටර් 70ක පමණ වර්ෂාවක් පසුගිය දිනවල ලැබුණා.
ඒ හේතුවෙන් මෙම තීරණය ගත් බවයි, ජලාශය භාර ඉංජිනේරු තේමිය බණ්ඩාර මහතා කියාසිටියේ.
තත්ත්වය සම්බන්ධයෙන් ජලාශය ආශ්‍රිත පහත් ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ද ඔහු ඉල්ලීමක් කළා.