සහතික බොරු කියලා ඔප්පු කළොත්, දේශපාලනයෙන් සමුගන්න බව සජිත් ප්‍රේමදාස කියයි

සහතික බොරු කියලා ඔප්පු කළොත්, දේශපාලනයෙන් සමුගන්න බව සජිත් ප්‍රේමදාස කියයි

තමන් විසින් ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කරන ඇති බවට ඔප්පු කරන්නේ නම් දේශපාලනයෙන් සමුගන්නා බවට සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, සිය අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

“සමාජ මාධ්‍ය තුළ විවිධ අයගේ ප්‍රශ්න කිරීම් තිබුණා. විවිධ අයගේ ප්‍රශ්න කිරීම් තිබුණා. ඇත්තටම මම ඒවා ගණන් ගත්තේ නැහැ.

2019  ජනාධිපතිවරණයට මුහුණ දෙනකොටත් මම හිතුවේ නැහැ. මේක ඒ තරම්ම බරපතල වෙයි කියලා.

අපේ ඩොක්ටර් නලින්ද ජයතිස්ස ගරු ඇමතිතුමා ඊයේ දවසේ මේ කාරණා මතු කරපු නිසා මේක මේ සභාවට ඉදිරිපත් කරන එක මගේ යුතුකමක් කියලා හිතුවා.

මම කියපු හැමදෙයකටම මම වගකියනවා. මම කොතැනක හරි බොරුවක් කරලා තියෙනවා නම්, මම සූදානම් මන්ත්‍රීකමෙනුත්, විපක්ෂ නායකකමෙනුත් අස්වෙලා, දේශපාලනයෙනුත් සමුගන්න.”

Share This