ජනපති අනුරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආරාධනාවක්
2025 වසරේ පෙබරවාරි මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ලෝක රාජ්‍ය සමුළුව ඇමතීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරට ජනාධිපතියා විසින් ආරාධනා කිරීමට නියමිතව තිබෙනවා.
ඒ බව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Khaled Nasser AlAmeri විසින් දැනුම්දෙනු ලැබුවේ, කථානායක අසෝක රන්වල මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී හමු වූ අවස්ථාවේදීයි.
එමෙන්ම 2024 වසරේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම සමුළුව ඇමතූ බවයි තානාපතිවරයා ප්‍රකාශ කළේ.
දූෂණයට එරෙහිව කටයුතු කිරීමට ඇති හොඳම ක්‍රමය රාජ්‍ය සේවය මෙහෙයවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීම බව මෙහිදි සඳහන් කෙරුණා.
මේ සම්බන්ධයෙන් අවශ්‍යවන විශේෂඥ දැනුම බෙදාගැනීමට තම රාජ්‍ය කැමැත්තෙන් සිටින බවයි තනාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
එමෙන්ම විනිවිදභාවයෙන් යුතු ආකර්ෂණීය ආයෝජන ක්‍රවේදයන් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු බව සඳහන්.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෘත්තීයමය දක්ෂතාවයෙන් යුතු සාමකාමී පිරිසක් ලෙස අගයකරන බවයි තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
තාක්ෂණික සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඇති විය හැකි ප්‍රගතිය පිළිබඳව ද දෙපාර්ශවය අතර සාකච්ඡා පැවති අතර ආයෝජන පුළුල් කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා.
මීට අමතරව දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා – එක්සත් අරාබි එමීර් රාජ්‍ය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි පණ ගැන්වීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.