ජනපති අනුර, ඉන්දීය ජනපතිනිය හමුවෙයි

ජනපති අනුර, ඉන්දීය ජනපතිනිය හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, ඊයේ (16) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී යි.

ඉන්දු – ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙම හමුවේදී අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Share This