ජපන් මෝටර් රථ නිෂ්පාදනය ඉන්දියාවට ගෙන ගිය ඔසාමු සුසුකි අභාවප්‍රාප්ත වෙයි
දශක හතරකට වැඩි කාලයක් පුරා ජපානයේ සුසුකි මෝටර් සමාගමට නායකත්වය දුන්, ඔසාමු සුසුකි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ජපානය මෙන්ම ඉන්දියාව ද සමෘද්ධිමත් මෝටර් රථ වෙළඳපොළක් බවට පත් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ දක්ෂයෙකු ලෙසයි ඔසාමු සුසුකි සැලකෙන්නේ.
ඔහු නත්තල් දිනයේදී මිය යන විට 94 හැවිරිදි වියේ පසුවූ බව විදෙස් වාර්තා පවසනවා.
අඩු වියදමකින් වාහනයක් නිර්මාණය කිරීමේ ඔසාමු සුසුකි ගේ අවශ්‍යතාවය අනුව ජපානයට විශේෂිත වූ මිල අඩු 660-cc මෝටර් රථ නිෂ්පාදනයෙන් ඔහු කා අතරත් ප්‍රසිද්ධ වී තිබෙනවා.
සකසුරුවම්කමට පුරාවෘත්තයක් වූ ඔසාමු සුසුකි, මහලු වියේදී පවා ගුවන් යානා වල ආර්ථික පන්තියේ පියාසර කළ අයෙක්.
සුසුකි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා හෝ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු සමාගමේ කොපමණ කාලයක් රැඳී සිටිනවාද යන්න පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දී ඇත්තේ, “සදහටම” හෝ “මම මැරෙන දවස දක්වා” ලෙසයි.