නීති විභාගයේ චෝදනාවලට නාමල් රාජපක්ෂ පිළිතුරු දෙයි

නීති විභාගයේ චෝදනාවලට නාමල් රාජපක්ෂ පිළිතුරු දෙයි

නීති විභාගය සඳහා පෙනී සිටි කිසිදු අපේක්ෂකයෙකුට විශේෂ වරප්‍රසාද හිමිකරදී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, වංචාවට දූෂණයට හා නාස්තියට එරෙහි පුරවැසි ව්‍යාපාරයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා විසින් ගොනුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලට ප්‍රතිචාර දක්වමින්.

මීට වසර 11කට පෙර පැවැති නීති විභාගයකදී නාමල් රාජපක්ෂ මහතාට විශේෂත්වයක් සිදු කළ බවට පවසමිනුයි, අදාළ පැමිණිල්ල ගොනු කර තිබුණේ.

නාමල් රාජපක්ෂ  මහතා වංචනික ලෙස නීති විභාගයට මුහුණදුන් බවට සාක්ෂි තමන් සතුව පවතින බව පැමිණිලිකරු ප්‍රකාශ කළා.

තමන්ට එල්ල වන සෙසු චෝදනා මෙන්ම මෙයද දේශපාලන වාසි සඳමා පමණක් සිදු කරන බවටයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

වසර ගණනාවක් තිස්සේ භාවිත කරන ලද මෙවැනි චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වනවා.

සාධාරණත්වය වෙනුවෙන් කවදත් ප්‍රබල කීර්තියක් හිමිකරගත් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විශ්වාසනීයත්වය මෙමගින් දැඩිලෙස හෑල්ලු කරන බවද නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

Share This