‘මීනගයා’ දුම්රිය කාලසටන සංශෝධනය වෙයි

අලි ගැටෙන මඩකළපුව මාර්ගයේ දුම්රිය කාලසටහන ලබන 7 වැනි දා සිට සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්රී 7.00ට මඩකළපුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර සීඝ්රගාමී දුම්රිය එදින සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්රී 11.00ට ධාවනය ආරම්භ කරනු ඇති.
දුම්රියේ වන අලි ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වාලීම උදෙසා දුම්රිය දෙපාර්තමේන්තුව මඩකළපු දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන හා මේ දක්වා එම මාර්ගයේ ධාවනය වූ එංජින් සහිත මැදිරි වෙනුවට දුම්රිය බලවේග කට්ටල ධාවනයට කිරීමට සූදානම් කර ඇති බව සඳහන්.