ලංගම සභාපති රමාල් සිරිවර්ධන ඉල්ලා අස්වෙයි
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
මාල් සිරිවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශය වෙත ලැබී ඇති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා සඳහන් කළා.
මීට පෙර පසුගිය දෙසැම්බර් මාසයේදී ජාතික රූපවාහිනීයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සෙනේෂ් දිසානායක බණ්ඩාර සිය ධූරයෙන් ඉල්ලා අස්වූවා.
ඒ අනුව මාසයකට ආසන්න කාලයක් ඇතුළත වත්මන් රජය පත් කළ සභාපතිවරයෙකු සිය ධූරය හැර ගිය දෙවන අවස්ථාව මෙය වනවා.
රමාල් සිරිවර්ධන අවස්ථා කිහිපයකදී, විවිධ රජයයන් යටතේ මීට ඉහතදී තුන් වරක් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධූරය දැරූ අතර,
සිව් වන වරට 2024 ඔක්තෝබර් මාසයේදී ඔහු ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ, එවකට ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ විජිත හේරත් විසින්.