ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.
35 හැවිරිදි ඉමාඩ් වසීම් පසුගිය වසරේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තා.
නමුත් පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් අවස්ථා තුනකදී තරගයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වීමත් සමඟ ඔහු නැවතත් විස්සයි විස්ස තරග බිමිට පිවිසියා.
ඉමාඩ් වසීම් එක්දින තරග 55ක් සහ විස්සයි විස්ස තරග 75ක් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙන අතර ඔහු පාකිස්තාන වෙනුවෙන් දවාගනෙ ඇති මුළු කඩුලු සංඛ්‍යාව 117ක්.
දෙවන වරටත් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ඔහු තවදුරටත් දේශිය තරග සහ ලීග් තරග ක්‍රීඩා කරන බව සඳහන් කරයි.