ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් වියදම් කරපු ඇත්තම ගාණ මෙන්න

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් වියදම් කරපු ඇත්තම ගාණ මෙන්න

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 70ක් වියදම් කළ බවට සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කළේ, ඒ සඳහා රුපියල් ලක්ෂ 9ක මුදලක් පමණක් වැය කර ඇති බවයි.

ඊට අදාළ ගෙවීම් මේ දක්වා සිදු නොකර ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ (09) දින ප්‍රකාශ කළ සියලු සංඛ්‍යා ලේඛන අසත්‍ය බවත් නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළා.

සාම්ප්‍රදායිකව සිදු කරනු ලැබූ කෝටේෂන් කැඳවා මන්ත්‍රීවරයා විසින් පටලවාගෙන ඇති  බවයි, ඔහු කියා සිටියේ.

Share This