හර්ෂණ නානායක්කාර CID යයි

හර්ෂණ නානායක්කාර CID යයි

තම තොරතුරු ව්‍යාජ ලෙස පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසට ඉල්ලමින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, තමන් අපකීර්තියට පත් කිරීමට හෝ තම දේශාපලනය කෙරෙහි ඇති විශ්වාසය පළුඳු කිරීමේ අරමුණින් මෙලෙස කටයුතු කර ඇති බවට සැක සහිත බවයි.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ආචාර්ය හර්ෂණ නානායක්කාර ලෙස ඔහුගේ නම ඇතුළත් කර තිබෙනවා. ඉන් අනතුරුව සිදු කළ පැමිණිල්ලක් හේතුවෙන් එය ඉවත් කිරීමට වෙබ් අඩවියට දත්ත ඇතුළත් කරන නිලධාරින් කටයුතු කර තිබුණේ.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් ද සිදු කර තිබුණා.

Share This