මෙරට පළමු ෂෙල් ඉන්ධන පිරවුම්හල විවෘත වෙයි

ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ මෙරට පළමු ඉන්ධන පිරවුම්හල කොළඹ – අඹතලේ ප්‍රදේශයේදී අද (26) විවෘත කළා.
ඒ, මෙරට මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් විසින්.
ඒ අනුව එය මෙරට ඉන්ධන වෙළඳපොළට එක් වූ සිව්වැනි සමාගම වනවා.
අමෙරිකාවේ RM PARKS සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස නැවත සන්නාමකරණය කරනු ඇති.
ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් හා බලශක්ති අමාත්‍යාංශය විසින් 2023 වසරේදී විසි වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මතයි, අදාළ පිරවුම්හල් ස්ථාපිත කෙරෙන්නේ.