රාත්‍රියට පමණක් අමෙරිකානු සංචාරකයෙක් වන අයෙක් කාන්තාවන් 700 කට වංචා කරලා
පෞද්ගලික සමාගමක සේවයේ නියුතු අයෙක් Dating App එකක් හරහා කාන්තාවන් 700 කට අධික පිරිසකට වංචා කිරීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
ඔහු මෙම Dating App එකෙහි ඉන්දියාවට පැමිණි අමෙරිකානු සංචාරකයෙක් ලෙස පෙනී සිට ඇති බව සඳහන්.
Dating App එක හරහා හඳුනාගන්නා කාන්තාවන් සමග ඔහු රාත්‍රී කාලයේදී ප්‍රේම කතා කියමින්, වංචා සහගතව ඔවුන්ව පොළඹවාගෙන පසුව එම කාන්තාවන්ගෙන් මුදල් ඉල්ලා තිබෙනවා.
මේ ආකාරයට ඔහුට දිවා කාලයේ එක් රැකියාවකුත්, රාත්‍රී කාලයේ තවත් මුදල් ඉපයීමක් වශයෙනුත් සලකායි මෙලෙස ක්‍රියා කර ඇත්තේ.
පසුව පොලීසිය වෙත ලැබුණු පැමිණිලි මත නැගෙනහිර දිල්ලියේ ෂකර්පූර් ප්‍රදේශයේදී 23 හැවිරිදි තුෂාර් සිං බිෂ්ට් මන් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුට ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් ඇති අතර, ඔහුගේ පියා රියදුරෙකු ලෙස සේවය කරන බවත් මව ගෘහණියක් බවත් සඳහන්.
ස්ථාවර රැකියාවක් තිබුණත්, ඔහු මෙලස සයිබර් අපරාධ ලෝකයට පිවිස ඇත්තේ කාන්තාවන් කෙරෙහි ඇති කෑදරකම සහ ආශාව නිසා බවත් පරීක්ෂණ මෙහෙයවන පොලිස් කණ්ඩායම පවසා තිබෙනවා.