පැට් කමිංගස්ගේ නායකත්වයට මොකද වෙන්නේ.?

පැට් කමිංගස්ගේ නායකත්වයට මොකද වෙන්නේ.?

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියානු නායක පැට් කමිංග්ස් තීරණය කර ති‌බෙනවා.

ඒ එම කාලයේදී කමිංග්ස්ගේ බිරිඳ දෙවන දරු ප්‍රසූතිය අපේක්ෂාවෙන් සිටීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඔහු ටෙස්ට් නායකත්වයෙන් සමුගැනීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

පසුගිය වසර හතරකට කාලයක් තුළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පැට් කමිංග්ස් නායකත්වය ලබා දුන් අතර එහිදී එක්දින ලෝක කුසලානය ඔහු දිනාගැනීමට සමත් වුණා.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය ස්ටීවන් ස්මිත් හට හිමි වනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පසුගිය වසර 04ක කාලය තුළ අවස්ථා කිහිපයකදි ඔහු තාවකාලික නායකයා ලෙස කටයුතු කළ බව සඳහන්.

Share This