ආර්ථිකය නංවාලීමට චීනය මුළුතැන්ගෙට

ආර්ථිකය නංවාලීමට චීනය මුළුතැන්ගෙට

චීනය තම ආර්ථිකය නංවාලීමට උත්සාහ කිරීමක් ලෙස නව භාණ්ඩ සඳහා 20% ක් දක්වා වට්ටමක් හඳුන්වා දී තිබෙනවා.

පසුගියදා චීනය රජයේ රැකියාලාබීන්ට වැටුප් වැඩිකිරීමක් ද ලබා දුන්නා.

ඒ චීන වැසියන්ගේ ක්‍රය ශක්තිය වැඩි කිරීමේ අරමුණෙන්.

මේ අනුව චීන රජය නිෂ්පාදන ලැයිස්තුවක් හඳුන්වාදී තිබෙනවා.

එම ලැයිස්තුවට මයික්‍රෝවේව් උදුන්, පිඟන් සෝදන යන්ත්‍ර, රයිස් කුකර් සහ ජල පිරිපහදු යන්ත්‍ර වැනි අයිතම ඇතුළත්.

රාජ්‍ය අනුග්‍රහය ලත් මෙම වෙළඳ යෝජනාවට රූපවාහිනී, දුරකථන, ටැබ්ලට් සහ ස්මාර්ට් ඔරලෝසු මෙන්ම විදුලි සහ දෙමුහුන් වාහන ද අයත්.

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය මේ වන විට දුර්වල පාරිභෝගික ඉල්ලුමක් සහ ගැඹුරු වන දේපල අර්බුදයක් ඇතුළු අභියෝග කිහිපයකට මුහුණ දෙමින් සිටිනවා.

Share This