ශ්‍රී ලංකාවෙන් චීනයට කුකුළු මස්

චීන වෙළෙඳපොළට ශ්‍රී ලංකාවෙන් කුකුළු මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටි සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
චීන රේගු පාලන ආයතනෙයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවෙන් කුකුළු මස් චීනයට අපනයනය කිරීම නිශ්චිත ක්‍රියාපටිපාටියක් අනුව සිදු කිරීම සඳහා දෙරට අතර අදාළ ක්‍රියාපටිපාටිය සම්බන්ධව පරීක්ෂා කිරීම, නිරෝධායනය හා සෞඛ්‍ය අවශ්‍යතා ඇතුලත්ව සකස් කරනු ලබන ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී තිබුණා.
එම යෝජනාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කර ඇති බව සඳහන්.