මැතිවරණ ආදායම් – වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන්ට වැඩ වරදී

මැතිවරණ ආදායම් – වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන්ට වැඩ වරදී

මහ මැතිවරණයේ ආදායම් – වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන්, පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එම ආදායම්-වියදම් වාර්තා මෙතෙක් ලබා නොදුන් අපේක්ෂකයන් 1042,පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනෙකුගේ වාර්තාවක් මැතිවරණ කොමිසන් සභාව විසින් පොලිස්පතිවරයාට බාර දී ඇති බව සඳහන්.

එම වගඋත්තරකරුවන්ට අදාළ මැතිවරණ කොට්ඨාසවලට අයත් පොලිස් කොට්ඨාසවල අපරාධ විමර්ශණ කාර්යංශ මගින් මීට අදාළ විමර්ශන ආරම්භ කෙරෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

Share This