මියන්මාර් සරණාගතයින් රැගත් යාත්‍රාවක් මුලතිව් වෙරළට ගොඩගසයි

මියන්මාර් සරණාගතයින් රැගත් යාත්‍රාවක් මුලතිව් වෙරළට ගොඩගසයි

මියන්මාර්  සරණාගතයින් පිරිසක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් මුලතිව්, මුල්ලිවයික්කාල් මුහුදු කලාපයට පැමිණ තිබෙනවා.

එහි වැසියන් 100 දෙනෙකුට අධික පිරිසක් සිටින බවටයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. එම පිරිස අතර කුඩා දරුවන් 25 දෙනෙකු සිටින බව ද සඳහන්.

මියන්මාරයේ සිට සරණාගතයින් ලෙස නීතිවිරෝධීව වෙනත් රටකට යමින් සිටියදී එම බහුදින යාත්‍රාව මෙරටට පැමිණි ඇති බව සඳහන්.

අදාළ ධීවර යාත්‍රාවේ ගමන්ගත් පිරිස සඳහා ප්‍රමාණවත් ආහාර හා ජලය නොමැති වීම හේතුවෙන් යාත්‍රාව මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බවට ද මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඔවුන්ට අවශ්‍ය ආහාර මුලතිව් ධීවර සංගමය විසින් ලබාදී ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් නාවික හමුදාව ප්‍රකාශ කළේ, අදාළ යාත්‍රාව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කණ්ඩායමයක් යොමු කර ඇති බවයි.

එම නිලධාරින් විසින් අවශ්‍ය තොරතුරු රැස්කරමින් සිටින බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

Share This