ධුරයෙන් නික්ම යන සහ එන්න නියමිත එක්සත් ජනපද ජනාධිපතිවරුන්ගෙන් වෙනස් නත්තල් පණිවුඩ

ධුරයෙන් නික්ම යන සහ එන්න නියමිත එක්සත් ජනපද ජනාධිපතිවරුන්ගෙන් වෙනස් නත්තල් පණිවුඩ

ධුරයෙන් නික්ම යන ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩ්න් සහ ධුරයට පැමිණීමට නියමිත රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානුවන් වෙනුවෙන් නිකුත් කර ඇති නත්තල් දින පණිවුඩ එකිනෙකට වෙනස් ඒවා බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව බයිඩ්න් අමෙරිකානුවන්ගෙන් එක්සත් වන ලෙස ඉල්ලා ඇති අතර ට්‍රම්ප් සිය සුබපැතුමට පසුව ඉලක්ක කරගෙන තිබුණේ සිය දේශපාලන විරුද්ධවාදීන්වයි.

එමෙන්ම තමන් ලබන ජනවාරි 20 වැනිදා දිවුරුම් දුන් පසුව කටයුතු කරන ආකාරයත් ට්‍රම්ප් එහිදී සඳහන් කර තිබුණා.

නත්තල් සැඳෑවේ ප්‍රමාද වී යූ ටියුබ් හි ප්‍රකාශයට පත් කරන ලද බයිඩ්න්ගේ වීඩියෝ චාරිකාවෙන්, ධවල මන්දිරයේ නත්තල් සැරසිලි පිළිබඳව විස්තර කිරීමත් විශේෂයි.

ට්‍රම්ප් ඔහුගේ බිරිඳ මෙලනියාගේ ඡායාරූපයක් සමඟ නත්තල් දින සුබපැතුම නිකුත් කර, පසුව කතාබහට ලක්කර තිබුණේ දේශපාලන කාරණාවනුයි.

ග්‍රීන්ලන්තය සහ පැනමා ඇළ ලුහුබැඳීම, කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සහ බයිඩ්න් ඇතුළු ඩිමොක්‍රටිකයින් විවේචනය ඊට ඇතුළත්.

Share This