වසර අග ලොවම කම්පා කළ දකුණු කොරියානු ගුවන් අනතුර

වසර අග ලොවම කම්පා කළ දකුණු කොරියානු ගුවන් අනතුර

දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට කඩා වැටුණු ජෙජු එයාර් 7C 2216 ගුවන් යානයේ සුන්බුන් අතරින් ගුවන් මගීන්ගේ සිරුරු 177 ක් සොයා ගැනීමට ගලවා ගැනීමේ සේවකයින් සමත්ව තිබෙනවා.

යානය අනතුරට පත්වන විට මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු එහි රැඳී සිටි බව සඳහන්.

කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සුන්බුන් අතරින් ඉවත් කර ඇති අතර,ඔවුන් මේ වන විට රෝහල්ගත්ව ප්‍රතිකාර ලබන් බවයි විදෙස් වාර්තා පවසන්නේ.

1997 දී කොරියානු ගුවන් සේවයේ බෝයිං 747 යානයක් ගුවාම් වනාන්තරයේදී කඩා වැටී ජීවිත 228 ක් අහිමි වීමෙන් පසු දකුණු කොරියාවට බලපෑ මාරාන්තිකම ගුවන් අනතුර මෙය බව සඳහන්.

විශේෂඥයින් පවසා ඇත්තේ යානයේ යට කොටසේ විශේෂයෙන් ගුවන්ගත කිරීම සහ ගොඩබෑම සඳහා භාවිතා කරන රෝද ගොඩබෑමට පෙර සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකවී නොමැති බවයි. නමුත් මෙම අසමත් වීමට හේතුව තවමත් නැති බවයි ඔවුන් පවසන්නේ.
මෙම අනතුර සිදුවූ ස්තානයට යානයේ ගමන් ගත් ගුවන් මගීන්ගේ ඥාතීන් පැමිණ ඇති අතර, යානය අයත් බෝයින් සමාගම ඔවුන්ට ශෝකය පළ කර තිබෙනවා.
මුදවාගැනිමේ මෙහෙයුම් සඳහා අව්ශ්‍ය උපරිමයෙන් කැපවන ලෙසයි වැඩබලන දකුණු කොරියානු ජනපති උපදෙස් දී ඇත්තේ.

Share This