කූඹි කාලා අවුරුදු දෙකක දරුවෙක් මිය ගිහින්

කූඹි කාලා අවුරුදු දෙකක දරුවෙක් මිය ගිහින්

අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ කුහුඹුවන් දෂ්ඨ කිරීමෙන් පසුව ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් දෙහැවිරිදි දරුවෙකු මිය ගොස් තිබෙනවා.

රෝහල් කාර්ය මණ්ඩලයට තම දරුවාගේ ඛේදජනක මරණය වළක්වාගත හැකිව තිබූ බවට චෝදනා කරමින් දැරියගේ මව්පියන් නඩුවක් ගොනුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මායා ගැටහුන් නමැති දැරිය පසුගිය වසරේ ඔක්තෝම්බර් 7 වැනි දින නිවසේ ඉදිරිපස මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කුහුඹුවන් දෂ්ට කිරීමට ලක්ව ඇති බව සඳහන්.

ඉන් අනතුරුව ඇයගේ දෙමාපියන් විසින් ඇයව ජෝර්ජියාවේ ස්නෙල්විල් හි පිහිටි පීඩ්මොන්ට් ඊස්ට්සයිඩ් වෛද්‍ය මධ්‍යස්ථානයේ හදිසි ප්‍රතිකාර ඒකකයකට ඇතුළත් කර තිබුණා.

ඇනෆිලැක්සිස් හෝ දරුණු ආසාත්මිකතා ප්‍රතික්‍රියා සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් භාවිත කරන එපිනෙෆ්‍රීන් ඖෂධය ලබාදීමට රෝහල් කාර්ය මණ්ඩලය විනාඩි 20කට වැඩි කාලයක් බලාසිටි බවට ගොනු කර ඇති නඩුවේ සඳහන්.

මායාට ජීවිතාරක්ෂක ඖෂධය අවශ්‍ය බව රෝහල් කාර්ය මණ්ඩලය විසින් හඳුනාගෙන ඇතත්, එය ලබාදීමට බලාසිටීම නිසා ඇයගේ තත්ත්වය තවත් නරක අතට හැරුණු බවයි දෙමාපියන් පෙන්වා දෙන්නේ.

කාර්යය මණ්ඩලය විසින් සිදුකරන ලද ප්‍රමාදය මත, මායාට ප්‍රතිකාර කරන වෛද්‍ය රිචීසා සලාසාර්ට චෝදනා එල්ල වූයේ, කුඩා දරුවාට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය උපකරණ රෝහලේ නොමැති බව නොදැන සිටීමයි.

මායාගේ වැළැක්විය හැකි වූ මරණයට හේතුව වෘත්තීය නොසැලකිලිමත්කම බව මෙම නඩුව මගින් විත්තිකරුවන්ට චෝදනා එල්ල කර තිබෙනවා.

Share This