නිවසේ ඇති වූ ගින්නෙන් පුද්ගලයෙක් මරුට

කොස්ලන්ද පුනාගල මාර්ගයේ නිවසක අද (27) අලුයම ඇතිවූ ගින්නකින් එම නිවසේ පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසනවා.
මෙම පුද්ගලයා මීට වසර ගණනාවකට පෙර අහංගම ප්‍රදේශයේ සිට කොස්ලන්දට පැමිණ වෙළෙඳ කටයුතු කරමින් සිට ඇති අතර දැනට වසර 20 කට වැඩි කාලයක් මෙම නිවසේ තනිව ජීවත්ව සිටි අයෙකු බව ද වාර්තා වනවා .
අලුයම එකට පමණ කොස්ලන්ද පොලීසිය වෙත ලද පණිවිඩයක් මත එහි නිලධාරීන් එම ස්ථානයට යන විටත් නිවස ගිනි ගනිමින් පැවැති බවත් ඉන් අනතුරුව අසල්වැසියන් හා එක්ව මහත් පරීශමයක් දමා යාබද නිවෙස්වලට ගින්න පැතිරයාමට නොදී ගින්න නිවා දැමීමට කටයුතු කල බවත් පොලීසිය සඳහන් කළා.
ඒ වෙනවිටත් නිවස ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබූ බවද පොලිසිය පැවසුවා.
ඉන් අනතුරුව සිදුකල පරික්ෂාවේදී මියගිය අයගේ මලසිරුර නිවසේ සුන්බුන් අතර තිබී හමුව තිබෙනවා.
මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බැවින් ඒ පිළිබඳව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ස්ථානීය පරික්ෂණ කටයුතු හා මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් අනතුරුව මේ පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂනයක් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද පොලීසිය සඳහන් කළා.