රස ගුණ පිරුණු කරපිංචා කැඳ

රස ගුණ පිරුණු කරපිංචා කැඳ

කරපිංචා කියන්නෙ රස ගුණ පිරුණු ඖෂධීය ශාකයක්.

අපි අතර කරපිංචා වඩාත් ප්‍රකට රසකාරකයක් හැටියට.

නමුදු කරපිංචාවලින් ඊට එහා ගිය තවත් රසවත්, ගුණවත් දෑ රැසක් සකසා ගත හැකියි. ඒ අතර කරපිංචා සම්බෝල, කරපිංචා කැඳ හරි විශේෂයි.

අපි මේ කියන්න යන්නෙ, රසවත් කරපිංචා කැඳ එකක් සකසා ගන්නා ආකාරය ගැන.

ඊට ඉස්සර කියන්නම ඕනි, ඔබට කරපිංචා කැඳ වීදුරුවක් උදෑසනට පානය කළ හැකියි නම් එය ඔබේ අනවශ්‍ය තරබාරු බව පාලනය කරගැනීමට මහත් රුකුලක් වේවි.

ඊට අමතරව කොලෙස්ටරෝල් පාලනය කිරීම, පිළිකා සෛල නැසීමේ ගුණය, හෘද රෝග පාලනය කරපිංචාවල ගුණ අතර වේ.

අවශ්‍ය ද්‍රව්‍ය :

කරපිංචා ග්‍රෑම් 400
කැකුළු හාල් ග්‍රෑම් 100
සුදු ලූණු
ඉඟුරු
වතුර කෝප්ප 3
පොල් කිරි කෝප්ප 2
රතු ලූණු
ලුණු (අවශ්‍ය පමණ)

සාදාගන්නා ආකාරය :

සහල් සෝදා ඊට ඉඟුරු, සුදු ලූණු, රතු ලූණු, එක්කර වතුර ලිප තබන්න.
සාමාන්‍යයෙන් බත් පිසින ආකාරයට වඩා තරමක් වැඩිපුර වතුර දමා බත් බෙරි වෙනතුරු තම්බාගන්න.
කරපිංචාවලට වතුර දමා කොටා මිරිකා ගන්න.
සහල් තැම්බෙන විට සුදු ලූණු එකතු කර පොඩි කරගන්න.
හොඳින් තැම්බුණු බතට පොල්කිරි එක්කර හොඳින් නටවා කලින් සාදාගත් කරපිංචා යුෂ මිශ‍්‍රණය එක්කර විනාඩි 2ක් පමණ හැඳි ගා ලුණු එක්කර ගන්න.

Share This