උඩුපුස්සැල්ලාව මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා

උඩුපුස්සැල්ලාව මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා

නුවරඑළිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාගල උඩුපුස්සැල්ලාව මාර්ගයේ අලුත්පාර මංසන්ධිය වැසි ජලයෙන් යටවී තිබෙනවා.

ඒ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇති බවයි කඳපොල පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව පහත්බිම්වල පිහිටි නිවාස සහ එළවළු වගා භූමි රැසක් ජලයෙන් යට වී තිබෙනවා.

ප්‍රධාන මාර්ගය හරහා ජලය ගලා බැසීමට ඉදි කර ඇති බොක්කුව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ජලය ගලා නොබසින බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පහත්බිම්වල පිහිටි නිවාස සහ වගා භූමිවලට ජලය කාන්දු වන බැවින් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙනවා.

Share This