උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොාරටු විවෘත කිරීමත් සමග සුලු ගංවතුර තත්ත්වයක්
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන්, පහළ ගම්මානවල සුලු ගංවතුර තත්ත්වයක් ඇති වී
තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව මහියංගණය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තෙල්දෙනියාය ග්රාම නිලධාරි වසමේ නිවාස 5ක් අඩි දෙකක් පමණ ජලයෙන් යටවී ඇති බව සඳහන්.
ඒ හේතුවෙන් අදාළ නිවාසවල පදිංචි පුද්ගලයන් 21 දෙනෙකු ඔවුන්ගේ ඥාති නිවෙස්වල රැඳවීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර ජලාශයට පහළ නිරික්ෂණ කුළුණක රැඳී සිටි වනජීවි නිලධාරීන් දෙදෙනෙකු ද ජලයට කොටුව ඇති බවයි වාර්තා වන්නේ.
බදුල්ල දිස්ත්රික් ආපදා කළමණාකරන ඒකකය සඳහන් කළේ, ඔවුන් දෙදෙනා බේරා ගැනීම සඳහා ජලාශය භාර නිලධාරි, වනජිවි නිලධාරීන් හා ගිරාදුරුකෝට්ට පොලීසිය කටයුතු කරමින් සිටින බවයි.
බදුල්ල - පී එම් රේණුක