තම අධ්‍යාපනයට උපකාර කළ ගම්වැසියන්ට කෝටිපතියෙකුගෙන් මුදල් තෑගි

තම අධ්‍යාපනයට උපකාර කළ ගම්වැසියන්ට කෝටිපතියෙකුගෙන් මුදල් තෑගි

තම අධ්‍යාපනයට උපකාර කළ ගම්වැසියන්ට විශාල තැගි ප්‍රමාණයක් ලබා දීමට චීන ප්‍රකෝටිපතියෙක් තීරණය කර තිබෙනවා.

ඔහු මේවන විට චීන ඊ-වාණිජ්‍ය දැවැන්තයෙකු වන Jඪ්.cඔම් හි නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් ලියු කියැංඩොං ලෙසයි සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පත හඳුන්වා ඇත්තේ.

චීන අලුත් අවුරුද්දට පෙර තම උපන් ගමේ පදිංචිකරුවන්ට තෑගි බෙදා දෙන බව නිවේදනය කිරීමෙන් ඔවුන් ඉතා සතුටට පත්ව ඇති බව සඳහන්.

බිලියනපතියාගේ මෙම හද උණුසුම් කරවන තැගී බෙදාදීමට අවුරුදු 60 සහ ඊට වැඩි සෑම ගම්වැසියෙකුටම යුවාන් 10,000 ක (ආසන්න වශයෙන් ඩොලර් 1,400) සැලකිය යුතු මුදල් තෑග්ගක් මෙන්ම සෑම නිවසකටම යුවාන් දහස් ගණනක් වටිනා ආහාර, ඇඳුම් පැළඳුම් සහ ගෘහ උපකරණ වැනි විවිධ තෑගි ඇතුලත්.

ගුවැන්මිං ගම්මානයේ මූල්‍යමය වශයෙන් අරගල කරන පවුලක උපත ලැබූ රිචඩ් ලියු කියැංඩොං සාර්ථකත්වය කරා යන ගමනේදී ගම්වැසියන් ඔහුට උදව් උපකාර කර තිබෙනවා.

1990 දශකයේ මුල් භාගයේදී, රිචඩ් මහතා චීන රෙන්මින් විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා බීජිං බලා පිටත්ව ගිය විට, ගම්වැසියන් එක්ව ඔහුගේ අධ්‍යාපන ගාස්තු සඳහා අරමුදල් රැස් කර යුවාන් 500 ක් ලබා දී ති බව සඳහන්.

ගම්වැසියන්ගේ මෙම කරුණාව ඔහුට සදාකාලික හැඟීමක් ඉතිරි කර ඇති අතර, ඔහු 2016 දී තම ගමට ආපසු ගොස් මෙලෙස ගම්වැසියන්ට තෑගි දීමේ සම්ප්‍රදාය ආරම්භ කර තිබෙනවා. .

මෙම වසරේ දීත් තෑගි නිසි පරිදී බෙදා හැරීම සහතික කිරීම සඳහා ගම් වැසියන්ගේ ගෘහ ලේඛනය සහ හැඳුනුම්පත් ලේඛන ඉදිරිපත් කරන ලෙසයි ඔහුගේ කණ්ඩායම ගම්වැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ.

Share This