සංචාරක ඉපැයීම් 53% කින් ඉහළ යයි
2024 වසරේ දී මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය 53.2%කින් ඉහළ ගොස් තිබෙනවා.
2023 වසරේ දී ශ්‍රී ලංකාවට 1,487,303ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇති බව සඳහන්.
මෙලෙස පැමිණ සංචාරකයින්ගෙන් උපයා ඇති සමස්ත ආදායම ඩොලර් මිලියන 2,068ක්.
2024 වසරේ දී සංචාරකයින් 2,053,465ක් පැමිණ තිබෙනවා.
එම සංචාරකයන්ගෙන් ඩොලර් මිලියන 3,168.6ක ඉපැයීමක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇති බව සඳහන්.
මෙය වාර්ෂික පදනම මත 53.2% ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි 2024 දෙසැම්බර් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 362.1 ක් ලෙසින් වාර්තා වී තිබෙනවා.
2023 දෙසැම්බර් මාසයේ දී එම අගය සටහන්ව තිබුණේ ඩොලර් මිලියන 269.3 ක් ලෙසයි.