රෝහිත් ශර්මා පාකිස්ථානයට යයි ද.?
2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 19 වැනිදා පාකිස්ථානයේ කරච්චිහිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායම් නායකයින්ගේ සමූහ ඡායාරූපයක් ද ගැනීමට නියමිත බව සඳහන්.
කෙසේ වෙතත් ඊට ඉන්දීය නායක රෝහිත් ශර්මා එක්වීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතා බහක් නිර්මාණයවී ඇති බවයි, ඉන්දිය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ඒ, ඉන්දිය රජය විසින් තම ක්‍රීඩකයින් පාකිස්ථානයේ සංචාරය සඳහා අවසර ලබාදීම ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙන්.
ඉන්දියාවේ මෙම තීරණය හේතුවෙන් ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්ථානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමටයි ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේ.
යම් හේතුවක් මත රෝහිත් ශර්මා මෙම සමූහ ඡායාරූප ගැනීමේ සහ මාධ්‍ය සාකච්ඡාව සඳහා එක් නොවන්නේ නම් අයි.සී.සී තරගාවලියක නායකයින්ගේ ඡායාරූපය සහ මාධ්‍ය සාකච්ඡාවට එක් නොවු ප්‍රථම නායකයා ලෙසට රෝහිත් ශර්මා ඉතිහාස ගත වනු ඇති.
ඔහුට පාකිස්ථානයේ සංචාරය කළ නොහැකි නම් පළමු තරගය ඩුබායි වෙත මාරු කර සියලු කණ්ඩායම් නායකයන් එහි කැඳවීම වඩාත් පහසු වනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.