ජාතික තෛපොංගල් උත්සවය යාපනය තෙල්ලිපලෙයි ශ්‍රී දුර්ගාදේවී අම්මාන් කෝවිල් පරිශ්‍රයේදී
ජාතික තෛපොංගල් උත්සවය මෙවර 18 දා යාපනය තෙල්ලිපලෙයි ශ්‍රී දුර්ගාදේවී අම්මාන් කෝවිල් පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත බව බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු පිලිබද වැඩ බලන ඇමති ගමගෙදර දිසානායක මහතා පවසනවා.
උතුරුකරයේ හින්දු බැතිමතුන් මෙන්ම දකුණේ හින්දූන් , කලාකරුවන් ඇතුලු විශාල පිරිසක්ද මෙම ජාතික උත්සවයට සහභාගිවීමට නියමිතයි .
ජාතීන් අතර සංහිඳියාව මෙන්ම ආගමික සහජීවනය ඇති කිරීමේ ආරම්භයක් ලබාදී ඇති බවත් ආගමික මතවාදයන් අනුව කටයුතු කිරීමට ඒ ඒ ආගමිකයින්ට අවස්ථාව ලබාදී ඇති බවත් මාතලේ ඓතිහාසික ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේදී අද (14) පැවැති තෛපොංගල් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියා.
මෙවර ලාංකීය හින්දු බැතිමතුන් උනන්දුවෙන් මෙන්ම භක්තිමත්ව සශ්‍රීකත්වය , සාමය සහ යහපත උදෙසා තෛපොංගල් සැමරූ බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.