අමෙරිකාවේ ලැව්ගිනි තත්ත්වය ගැන අනතුරු ඇඟවීමක්

අමෙරිකාවේ ලැව්ගිනි තත්ත්වය ගැන අනතුරු ඇඟවීමක්

අමෙරිකාවේ පවතින දරුණු ලැව්ගිනි තත්ත්වය තවදුරටත් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව තවත් සතියක පමණ කාලයක් යනතුරු මම තත්ත්වය පැවතිය හැකි බවටයි එරට බලධාරීන් විසින් අනතුරු අඟවා ඇත්තේ.

ගිනි නිවීමේ කටයුතු පැය 24 පුරාම ක්‍රියාත්මක වුවද පවතින සුළං තත්ත්වයත් සමග එම කටයුතු දුෂ්කර වී තිබෙනවා.

මේ වනවිට පැලිසේඩ්ස් ප්‍රාන්තයේ බ්‍රෙන්ට්වුඩ්, ඇල්ටඩීනා සහ ඊටන් යන තවත් ප්‍රදේශ 3ක් දක්වා ද ලැව්ගිනි පැතිරෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

පැලිසේඩ්ස්හි වෙරළාශ්‍රිත ප්‍රදේශවල ගින්න තරමක් පාලනය වී තිබෙනවා.

කෙසේ වෙතත් එම මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, ජල මූලාශ්‍රවල පවතින හිඟතාව හේතුවෙන් එය පාලනය කිරීම දැඩි දුෂ්කර වී ඇති බවයි.

ගින්නෙන් පීඩාවට පුත් පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට අදාළ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙම ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවීතක්ෂයට පත්ව ඇති අතර අවතැන් වු පුද්ගලයින් සංඛ්‍යාව, එක් ලක්ෂ හතලිස් දහසක් වන බවටයි ගණනය කර ඇත්තේ.

කෙසේ වෙතත් එම දත්ත වාර්තාවලට වඩා පුද්ගලයින් මිය යන්නට ඇති බවටත්, අවතැන්ව ඇති බවටත් වාර්තා පළවනවා.

විශාල සත්ත්වයින් සංඛ්‍යාවකට ද මෙම විපතෙන් ජීවීත අහිමි වුණා.

ගින්නෙන් නිවාස හා ගොඩනැගිලි 11,000 කට පමණ හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Share This