පෙම්වතාගේ පීඩාව දරාගත නොහැකි වු පෙම්වතිය සියදිවි හානිකරගනී

පෙම්වතාගේ පීඩාව දරාගත නොහැකි වු පෙම්වතිය සියදිවි හානිකරගනී

පෙම්වතාගෙන් එල්ල වන පීඩාව දරාගත නොහැකිව 21 හැවිරිදි තරුණියක්, ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගෙන තිබෙනවා.

ඇය එලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ, ඊයේ (11) කුරුණෑගල ඇත්කඳ විහාරස්ථානය ඉදිරිපිට පිහිටි ඇඟේ සේවා ස්ථානයේදී යි.

‘යුවානී’ නමැති මරණකාරිය මැහිඇල්ල – ඉහළවෙල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වනවා.

පෙම්වතාගෙන් එල්ල වන පීඩනවලින් මිදීමේ අරමුණෙන් ඇය මෙලෙස සියදිවි නසාගන්නට ඇති බවටයි සැක පළකරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා සැකපිට කුරුණෑගල මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරණකාරියගේ මව වසර ගණනාවක් විදේශගතව සිටින බවත්, මරණකාරිය ඇගේ ආච්චි අම්මාගේ සෙවණේ හැදී වැඩී පාසැල් අධ්‍යාපනය ලබා ඇති බවත් සඳහන්.

ආචිචි අම්මාගේ සෙවණේ හුදෙකලාව හැදි වැඩුණු ‘යුවානී’ නමැති තරුණියගේ පෙම්වතා බව සැළකෙන පුද්ගලයා නිරන්තරයෙන් ඇගෙන් මුදල් ඉල්ලා බළපෑම් කර ඇති බවයි වාර්තා වන්නේ.

දිගු කලක සිට ඇයට මෙම බලපෑම් එල්ල වන බවත්, සැකකාර පෙම්වතා මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බවත් සඳහන්.

ඒ අනුව මෙම පීඩාව ඉවසිය නොහැකි වී ඇති ‘යුවානී’ ඇගේ ජීවිතයට පිළිසරණක් නොමැති බව සිතමින් මෙලෙස සියදිවි හානිකර ගෙන ඇති බව‍ටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී විසින් සිදුකිරීමට නියමිතයි.

Share This