ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට විදේශිකයෙනුත් එක්වෙයි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට විදේශිකයෙනුත් එක්වෙයි

‘clean sri lanka’ වැඩසටහන යටතේ දකුණු පළාතේ බෙන්තර සිට ගොවියා පාන දක්වා කිලෝමීටර් 65ක ප්‍රමාණයක වෙරළබඩ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම වැඩසටහන සංඝ රත්නයේ ආශීර්වාදයෙන් ආරම්භ කරනු ලැබුවා.

බෙන්තොට ප්‍රාදේශීය කාර්යාලය, මහජන සෞඛ්‍ය නිලධාරි කාර්යාලය, බෙන්තොට හා කොස්ගොඩ පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් සහ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් ඇතුළු බොහෝ පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටියා.

‘clean sri lanka’ යටතේ සිදුකෙරෙන මෙම වැඩසටහනටද විදේශිකයින් පිරිසක්ද එක්ව සිටීම විශේෂත්වයක්.

ඡායාරූප👇🏻

Share This