බහාලුම් රථ වරායේ සිරවෙයි-භාණ්ඩවල මිල ඉහළ යෑමේ අවධානමක්
බහාලුම් ප්‍රවාහන රථ 800 – 1000ක් අතර ප්‍රමාණයක් නිදහස් කරගත නොහැකිව මේවන විට වරාය තුල රැඳී සිටින බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගම පවසනවා.
ඒ ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය හේතුවෙන්.
එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා ඊයේ (9) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ,
“ආනයනික භණ්ඩ දින ගණනාවක් තිස්සේ වරාය පරිශ්‍රය තුල රඳවා තබා ගැනීම නිසා විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවන්න සිදුවනවා ප්‍රවාහනකරුවන්ට සහ වරාය පරිශ්‍රයට. මේකෙදි සිදු වන්නේ පාරිභෝගික ජනතාවට භාණ්ඩ හිඟවීම සහ මේ භාණ්ඩවල මිල ඉහළ යෑම. රටට ලැබෙන ආදායමෙන් 20%ක වගේ ප්‍රමාණයක් තමයි මේ ආනයන අපනයන ක්ෂේත්රයෙන් වරායට ලැබෙන්නේ. ඉතුරු 80%ම ලැබෙන්නේ ප්‍රතිඅපනයනය කිරීමේ කටයුතුවලින්.”
වරාය අධිකාරිය සහ රේගු දෙපාර්තමේතුවේ කලමනාකාරීත්වයේ පවත්නා දුර්වලතා හේතුවෙන් මෙලෙස ආනයනික බහාලුම් රථ නිෂ්කාශනය ප්‍රමාදවීමට හේතු වී ඇති බැවින්, මේ පිළිබඳ සොයා බලා ඉතා ඉක්මනින් අවශ්‍ය කටයුතු සලසන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලා සිටිනවා.
තවද, ආනයනික බහාලුම් නිදහස් කර ගැනීමේ අරමුණින් පසුගිය දින කිහිපයේ සිට ඔරුගොඩවත්ත රේගු අංගනය අසල බහාලුම් ප්‍රවාහන රථවල දිගු පෝලිම් දක්නට ලැබෙනවා. මේ නිසාවෙන් තමන් ගැටලු රැසකට මුහුණ දී සිටින බව බහාලුම් ප්‍රවාහන රථ වල රියැදුරන් පවසනවා.