ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහවිහාරස්ථානයේ දේවදූත පෙරහර වීථි සංචාරය කෙරේ
බුදුන්වහන්සේ ගේ තෙවන ලංකාගමනය සිහිපත් කරමින් වාර්ෂිකව පැවැත්වෙන ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහ විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පෙරහැරේ දේවදූත පෙරහර 9වනදා සවස අලංකාර නර්ථන කංඩායම් පනස් හතරක් සහ අලිඇතුන් ගෙන් සමන්විතව වීථි සංචාරය කළා.
මෙවර දොරකඩ අස්න දේශනාව පැවැත්වීම විහාරස්ථ දායක සභාවේ සාමාජික කැළණිය සිංහාරමුල්ල ශ්‍රමදාන මාවතේ පදිංචි මනෝජ් පෙරේරා මහතාගේ සහ ශ්‍යාමලී වින්ධ්‍යා මහත්මියගේ පුත් කොළඹ අශෝක විද්‍යාලයේ ඉගෙණුම ලබන රසුන් පසංදුල කුමාර පෙරේරා කුළකුමරුවා විසින් වන අතර දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසක් මෙම පෙරහැර නැරඹීම සදහා එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඓතිහාසික කැළණිය රජමහා විහාරය සහ එගොඩ කැළණියේ කිත්සිරි මෙවන් කැලණි විහාරය යන උභය විහාරාධිපති කැලණි විශ්ව විද්‍යාලයේ කුලපති අග්ග මහාපණ්ඩිත මහෝපාධ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා මත විහාරස්ථ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ,ප්‍රධාන බස්නායක නිලමේ ධම්මික ආටිගල, සතර දේවාල භාර බස්නායක නිලමේවරුන් සහ සතරපේරුවේ දායකයන් ව්‍යාපාරික ප්‍රජාව මෙවරද කැළණි පෙරහර සාර්ථක කර ගැනීමට දායකත්වය සපයාදී තිබුණා.
මෙවර කැළණි පෙරහරේ ආලෝකය සැපයීමේ දායකත්වය සුනිල් තිලකවර්ධන මහතා ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදුකර ඇති අතර ශ්‍රී කල්‍යාණී ධර්ම විද්‍යාලයේ දරුදැරියන් සහ ප්‍රදේශයේ පාසල් නර්ථන කණ්ඩායම්වල සිසුන්ගේද සහභාගීත්වයෙන් රටේ අභිමානය ප්‍රදර්ශන කෙරෙන උඩරට පහතරට නර්ථනාංග වලින් දේවදූත පෙරහර අලංකාරව පැවැත්වුණු බව සඳහන්.