චීන වෛරසය ගැන සෞඛ්‍ය ඇමති පැහැදිලි කරයි
චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
ජනාධිපතිවරාය ද මේ පිළිබඳ අවධානය යොමු කර ඇති බවත්, වසංගත රෝග විද්‍යා අංශය නිරන්තරයෙන් ඒ සම්බන්ධයෙන් වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
එම වෛරසය වැළඳුනු රෝගියෙක් වාර්තා වුවහොත් නිසැකවම ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
චීන වෛරසය වැළඳුනු පළමු රෝගියා ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් බවට සමාජ මාධ්‍යයේ පැතිර ගිය පුවත් සම්බන්ධයෙන් සඳහන් කරමින් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළා.
” මෙයට පදනම් කරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා, එහිදී මහාචාර්ය නිලීකා මලවිගේ කියපු ප්‍රකාශයක්. ඇය නිවැරදිව සඳහන් කළා මීට කලින් එහෙම රෝගියෙක් වාර්තා වෙලා තිබුණා කියන එක. එවැනි සංවේදී කාරණා ආර්ථිකයට බලපානවා. තිබෙන ඇත්ත අපි කියනවා. මේ වෛරස් පිළිබඳ පරීක්ෂණ සිදු කරන්න ස්ථාන 20ක් අපි නම් කරලා තියෙනවා. ඇත්තටම එක පුද්ගලයෙක් සම්බන්ධයෙන් මේ රෝග ලක්ෂණ තියෙන එක්කෙනෙක් ගැන සැක පහල වෙලා තිබුණා.ඒ ගැන පරීක්ෂා කලා. නමුත් ඒ රිපෝට් එක නෙගෙටිව්. “