අධිකරණයෙන් ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක්

අධිකරණයෙන් ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක්

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඊට අමතරව රුපියල් 1500ක දඩයක් නියම කරන බවත්, තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළා.

2016 වසරේ ජූලි මස 16 වැනිදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනයවන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් පොලීසිය විසින් ඥානසාර හිමියන්ට මෙම නඩුව ගොනු කර තිබුණා.

Share This