”මම හිතනවා මගේ හිතේ අම්මාට තියෙන මහමෙරක් තරම් ආදරෙන්, චුට්ටක් හරි අම්මාට දැනෙනවා ඇති කියලා” – උපන්දිනය දා සමිතාට ලැබුණු ආදරණීයම සුබපැතුම
සමිතා මුදුන්කොටුව කියන නම ඇහෙනකොටම ඔබට ඒ හඬ මතකයට නැඟෙනවා ඇති.
ඒ තරමට ඇයගේ හඬ අපේ හදවත්වලට සමීපයි.
ආදරණීය ගීත ගොන්නක හිමිකාරිය වන ඇයට අද (ජනවාරි 09) සුවිශේෂී දවසක්.
ඒකට හේතුව ඇගේ උපන්දිනය අදට යෙදී තිබීම.
ඔන්න ඉතින් උපන්දිනය වෙනුවෙන් සමිතාට ලැබුණු සුබපැතුම් අතර දැකිය හැකි වුණු ආදරණීයම සුබපැතුම් කිහිපයක්ම තිබුණා.
මේ ඇගේ ආදරණීය ජීවන ගමන් සගයා, චිරන්ත තබා තිබුණු සුබපැතුම….
”සුබ උපන්දිනයක් මගේ පන. හැමදාම මගේ විතරයි
ඔයා වගේ හොඳ wife කෙනෙක් ලබන්න මම කොච්චර පින් කරලද
Love You Manika ”
දියණිය කවින්ද්‍යා අධිකාරිගෙන් ආදරණීය අම්මාට ලැබී තිබුණු සුබපැතුමයි මේ…
”සුබ උපන්දිනයක් මගෙ රත්තරං අම්මී…
චූටි කාලේ ඉඳන් ගොඩාක් ආසාවෙන් ඔයාට උපන්දින සුබ පැතුම් මම ලියන්නේ…
ඒත් අද වෙනෙකොට ජීවිතේ කියන්නේ මොකද්ද කියලා ඕනාවටත් වැඩියෙන් තේරුම් ගිහින් නිසා කැමැත්තෙන් නෙමේ මේ සුබ පැතුම ලියන්නේ.
අම්මා කෙනෙක් හැමදාටම එකම වයසේ ඉන්නවා නම් ඒක තමයි ඕනම ආදරණීය දුවෙක්/පුතෙක්ගෙ ප්‍රාර්ථනාව…
ඉතින් මගෙත් ඒ ප්‍රාර්ථනාව එහෙම්මම යි මගෙ අම්මී!
මාව මෙහෙම ලස්සනට හැදුවාට ඔයාට ගොඩක් පිං…
මිනිස්සුන්ගෙ හිත් රිද්දන්නේ නැතුව ආදරේ කරන්න මට මුලින්ම ඉගැන්නුවේ ඔයා අම්මා.
මම ඒ දේ ට උපරිම සාධාරණයක් කරන්න උත්සහ කලත් සමහර තැන්වල දි මම fail…
ඒත් අම්මා මට කියලා දුන්න හොඳ දේවල් මම පුලුවන් උපරිමෙම්ම හිතට අරං අද වෙනකම් ම මම කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා…
අම්මා ට මම පණ වගේ ආදරෙයි… ඒක අම්මා ට දැනෙනවා ද නැද්ද කියන්න මම දන්නේ නෑ…
ඒක මට වචන වලින් කියලා නිම කරන්න පුලුවන් දෙයකුත් නෙමේ…
හැබැයි මම හිතනවා මගේ හිතේ අම්මා ට තියෙන මහමෙරක් තරම් ආදරෙන් චුට්ටක් හරි අම්මාට දැනෙනවා ඇති කියලා…
මගේ හුස්ම තියෙනකල් මම අම්මා ට මහමෙරක් තරම් ආදරෙයි මොන දේ වුනත්! ඒක කාටවත් උදුරගන්න බෑ!
මගේ ආයුශත් අරං මගේ අම්මි තව හුගාක් කල් නීරෝගීව, ඉටි රූපයක් වගේ ලස්සනට ඉන්න ඕනේ!
ආදරෙයි මගේ අම්මී!
බුදුසරණයි…
-අක්කී-”
ඒ වගේම පුතු ශේන්ගෙනුත් ඇයට ආදරණීයම සුබපැතුමක් ලැබී තිබුණා…