නව යුද හමුදාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නව යුද හමුදාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිනව හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා අද (ජන 08) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාව හමුව තිබුණා.

යුද්ධ හමුදාධිපති වශයෙන් පත්වීම් ලැබීමෙන් පසු ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර සිදු වූ පළමු නිල හමුව මෙයයි.

එහිදී නව පත්වීම සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම්වරයා ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ මහතා වෙත සුභාශිංසන පළකර තිබූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අඛණ්ඩව විශිෂ්ඨත්වය කරා ගෙන යාම සඳහා නව යුද්ධ හමුදාපතිවරයාගේ නායකත්වය පිළිබඳව සිය විශ්වාසය ද පළකර තිබුණා.

ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපතිවරයා වශයෙන් සිය ධුරයේ වැඩ භාර ගනු ලැබුවේ 2024 දෙසැම්බර් 31 දිනයි.

Share This