ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ රුසියාව සහ ඔපෙක් සාමාජික රටවල් සිය සැපයුම් සීමා කිරීම හේතුවෙන්.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.37 දක්වා ද වෙස්ට් ටෙක්සාස් බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.67ක් දක්වා ද ඉහළගොස් තිබුණා .

ඔපෙක් රටවල් පසුගිය දෙසැම්බර් මාසයේදී සිය නිෂ්පාදන ධාරිතාව අඩුකළ අතර, පසුගිය මාසයේදී
රුසියාව ද දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 8.971 දක්වා පහත දැමීමට පියවර ගත්තා.

ඒ අනුව ඒ මාසයේදි එරට දෛනික බොරතෙල් නිෂ්පාදන ධාරිතාව දැක්වුණේ බැරල් මිලියන 9.5ක් ලෙසින්ය.

එවන් පසුබිමක විෂයේ ප්‍රවිණයන් පුරෝකතනය කරන්නේ, 2025 වසරේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 76ක් දක්වා පහළ යාමේ අවස්ථාවක් ද පවතින බවයි.

Share This