2024 යල කන්නයේ වන්දි ගෙවීම් සියයට 90ක් අවසන්
2024 යල කන්නයේ වන්දි ගෙවීම්වලින් සියයට 90ක් මේ වනවිට අවසන් කර තිබෙනවා.
ඉන් නිර්දේශත වූ ගොවින්ට හිමි වන්දි මුදල ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට කටයුතු කර ඇති බවයි, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ.
ඒ යටතේ මේ වනවිට ගොවීන් 6459 දෙනෙකු සඳහා අක්කර 5246 වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් නිදහස් කර ඇති බව සඳහන්.
වගා හානි නිර්දේශිත වීමෙන් පසු වන්දි මුදල් ගිණුම් ගත නොවූ ගොවින් සිටින්නේ නම් ඒ පිළිබඳව අභියාචනා කිරීමට අවකාශ පවතින බව ද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කළේ.