“දැන් තිබෙන්නේ ජනතාව නොමග යැවූ ජනවරමක්”
හර්ෂණ රාජකරුණා කියයි
වර්තමානයේ තිබෙන්නේ ජනතාව නොමග යැවූ ජනවරමක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.
අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
‘එක පෑන් පහරින් අවසන් කරනවා කියපු කතා’ මේ වනවිට නොමැති බවයි හර්ෂණ රාජකරුණා මහතා පෙන්වා දුන්නේ.
ජීවන වියදම අඩුකර ජනතාවට සහනයක් ලබාදෙන්න යැයි මන්ත්‍රීවරයා එහිදී ඉල්ලීමක් ද කළා.
මේ එහිදී වැඩිදුරටත් අදහස් පළකල හර්ෂණ රාජකරුණා මහතා,
“දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රනිල් වික්‍රමසිංහ පවත්වාගෙන ගිය ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යනවා.. දැන් ප්‍රගතියක් ලබාගෙන තිබෙන්නේ ඉන්ධන මිල තුන් ගුණයකින් වැඩිකරලා.. විදුලිබිල වැඩි කරලා.. ජීවන වියදම තුන් හතර ගුණයකින් වැඩි කරලා.. රඳවා ගැනීමේ බද්ධ සියයට පහේ සිට දහය දක්වා වැඩි කරනවා කියලා ප්‍රතිපත්ති ප්රකාශනයේ කොතැනද තියෙන්නේ.. ආණ්ඩුව අඩුකරනවා කියලා කියපුවා.. වැඩිකරන්නේ නැහැ කියලා දැන් වැඩි කරනවා.. අධ්‍යාපන උපකරණවලට, කෘෂි උපකරණවලට, ආහාර ද්‍රව්‍යවලට වැට් අඩුකරනවා කිව්වා.. නමුත් මාස තුනක් තිස්සේ ඒවා වුණේ නැහැ.. අපි හිතනවා ඉදිරි අයවැයේදීවත් ඒ ගැන මතක් වෙයි කියලා.. ජනතාව ඒ ගැන විශ්වාස කරලා තමයි ජනවරමක් දුන්නේ.. දැන් තිබෙන්නේ ජනතාව නොමග යැවූ ජනවරමක්.. ‘එක පෑන් පහරින් අවසන් කරනවා කියපු කතා දැන් මොනවත් නෑ’.. මම හිතන්නේ දැන් ඒ පෑන හොයාගන්න බැරුවද කොහෙද.. ජනතාව පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයක් ලබාදුන්නා.. දැන් කියපු දේවල් කරන්න පළාත් පාලන මැතිවරණය දිනන්න ඕන කියයිද දන්නේ නෑ.. ඊට පස්සේ පළාත් සභා ඡන්දය දිනන්න ඕන කියලා කියයිද දන්නේ නෑ.. ඒවා කියන්න ලෑස්ති වෙන්න එපා.. ජනතාවගේ ජීවන වියදම අඩුකරලා සහනයක් ලබාදෙන්න..”