මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කෙරේ

පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කෙරේ

පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව අදින් ආරම්භ කෙරෙන පාර්ලිමේන්තු කටයුතු ලබන 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර මුදල් කාරක සභාවට චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව සාමාජිකයින් ලෙස පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් මෙම පත් කිරීම් පිළිබඳ මැතිසබයට නිවේදනය කළා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ, එම කාරක සභාවේ ඉදිරි වැඩකටයුතු සිදුකරගෙන යාමට නම් තාක්ෂණ නිළධාරීන් අත්‍යවශ්‍ය වන බවයි.

එසේ නොමැතිව එහි වැඩ කටයුතු සිදුකරගෙන යාම අපහසු බවත්, මෙතෙක් කිසිඳු නිළධාරියෙක් ඒ සඳහා නොමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම කඩිනමින් පාර්ලිමේන්තු අයවැය කාර්යාලය ස්ථාපිත කළ යුතු බවද හර්ෂ ද සිල්වා මහතා මැතිසබයේදී අවධාරණය කර සිටියා.

 

Share This