බිත්තර තොග මිල යළිත් ඉහළට

බිත්තර තොග මිල යළිත් ඉහළට

සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් අද (05) දිනට අදාළ තොග මිල ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව රතු බිත්තරයක තොග මිල වන්නේ රුපියල් 38.00ක්.

සුදු බිත්තරයක තොග මිල රුපියල් 37.00ක් බවයි එම සංගමය සඳහන් කළේ.

මෙම මිල සඳහා තම සංගමයේ පූර්ණ නෛතික වගකීමක් ඇති බවට ද ඔවුන් අවධාරණය කරනවා.

කෙසේ වෙතත් සිල්ලර වෙළඳපොළෙහි මීට වඩා අඩු මිලකට බිත්තර අලෙවි වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Share This