පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
මිල්ලනිය ප්‍රදේශීය සභාවේ පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර රම්මුණි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ජාතික ජන බල බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පලකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අගුරුවාතොට බටගොඩ පිහිටි ඔහුගේ නිවසේදීයි අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.