දහමට ලැදි වන දිනයක් – අද දවස ඔබට කොහොමද
2025.01.03 (සිකුරාදා)
මේෂ
තරමක් අවිවේකි බවක් මතුකරයි. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවේ. දහමට ලැදිවේ. පුද පූජා කිරීම් වැනි දේවල්වලට හේතුයි. සන්ධි රෝග, පාද ආබාධ මතුවේ.
වෘෂභ
ක්‍රියාකාරකම් බහුල දිනකි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු අතර ප්‍රීති සාද වැනිදේ යෙදේ. ආගමික වතාවත් ගරුකර ක්‍රියා කරයි. නවක මිතුදම් ඇති වෙයි. භූමිලාභ සම්පත් දෙයි. සන්ධි රෝග උගුර අමාරු දෙයි.
මිථුන
අවිවේකී දිනකි. ක්‍රියාකාරකම් බහුලයි. මහජන ක්‍රියාකාරකම් යෙදේ. ඉවසීමෙන් ක්‍රියාකළයුතු අතර දහමටද ලැදිව ක්‍රියා කරයි. මුදල් පරිපාලන යෙදේ. ප්‍රවේශමෙන්. සෙම් කෝප රෝග මතු කරයි.
කටක
ප්‍රීති උත්සව සාද වැනි දේවල්වලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. අලංකරණ කටයුතු යෙදේ. තරමක් වැය පස ඉහළ යයි. නව නිර්මාණ ඇරඹීමට හේතුයි. නානාවිධ ක්‍රියාවලින් ආදායම් ලබයි.සන්ධි ප්‍රදාහ රෝග මතුවෙයි.
සිංහ
විනෝදයෙන් දවස ගෙවයි. ප්‍රීති සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ප්‍රේම සබඳතා වැනි දේවලට හේතුයි. විය පැහැදම් අධික වන අතර ණය තුරුස් වීමට ද හේතුයි. සන්ධි ප්‍රදාහ රෝග සාදයි.
කන්‍යා
ගමන් බිමන් යොමුවෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. අන් අයගේ උපදෙස් උපකාර ලබයි. හදිසි ලාභ දේ. ස්නායු රෝග මතු කරයි.
තුලා
තරමක් වෙහෙසව ක්රියාකාරයි. ඇසුරුකරන්නන් නිසාම වැයපස ඉහළ යයි. සුහදතා වර්ධන ක්‍රියා යෙදේ. ඉඩකඩම් ආරාවුලක් ශුභවාදීව යෙදේ. තම ඥාතීන් අතර ප්‍රධාන වේ. බඩවැල් ආමාශ රෝග මතුවේ.
වෘශ්චික
කලබලකාරී දිනකි. අතපසුවීම් යෙදේ. තම ක්‍රියාකාරකම් විවේචනයට ලක්වීමට ඉඩඇති බැවින් ඉවසීමෙන්. සෞන්දර්ය ක්‍රියාවන් ගෙන් ජය දෙයි. අභ්‍යන්තර ඉන්ද්රියන්හි රෝග මතු කරයි.
ධනු
ශුභවාදී ඵල ගෙනදෙයි. තම අරමුණු ජය ගන්නා අතර නිවාස අලුත්වැඩියාවකට හේතුයි. යාන වාහන මිලට ගැනීමට විකිණීමට ශුභයි. ප්‍රේම සබඳතා වර්ධනය වන අතර වැයපස ඉහළයි. සෙම් කෝප රෝග සාදයි.
මකර
ශුභා ශුභ මිශ්රඵල දෙන අතර ගමන් බිමන් මත අවිවේකි දිනකි. තම නිවස උත්සවක්රියාවන් මතුකරයි. වැයපස ඉහළ යන අතර ණයතුරුස් වීමට ද හේතුයි. භූමි ලාභ මතු කරයි. මුඛ රෝග, නේත්‍ර රෝග වැනි දේ හේතුයි.
කුම්භ
ශුභවාදී ඵල මතුකරයි. විනෝදජනක ක්‍රියා ගමන් බිමන් ආදියට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරන අතර ප්‍රසාදයට පත්වන දිනකි. ආර්ථික ලාභ ලැබීම ඇතිවෙයි. මුත්‍රා ආසාදන රෝග ද මතුවෙයි.
මීන
ශුභා ශුභ මිශ්රඵල උදාකරයි. ප්‍රීති උත්සව සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. සිත ශක්තිමත් වෙය.ි තම වටිනාකම ප්‍රදර්ශනය වේ. පෙණහලු ආසාදන රෝග මතුවේ.