දිස්ත්‍රික්ක 09ක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ: ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

දිස්ත්‍රික්ක 09ක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ: ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අනතුරු ඇඟවීමේ මට්ටම අදියර 2 යටතේ අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇති ප්‍රදේශ,

බදුල්ල දිස්ත්‍රික්කය – මීගහකිවුල, පස්සර, හාලි ඇල සහ බදුල්ල

මහනුවර දිස්ත්‍රික්කය – දෙල්තොට, ගඟවට කෝරලේ, උඩුදුම්බර සහ උඩපළාතට

මාතලේ දිස්ත්‍රික්කය – විල්ගමුව සහ අඹන්ගඟ කෝරළයද

නුවරඑළිය දිස්ත්‍රික්කය – හඟුරන්කෙත සහ වලපනේ

අනතුරු ඇඟවීමේ මට්ටම අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී ඇති ප්‍රදේශ,

බදුල්ල දිස්ත්‍රික්කය – හල්දුම්මුල්ල, ඌව පරණගම, ලුණුගල සහ ඇල්ල

ගාල්ල දිස්ත්‍රික්කය – නාගොඩ, බද්දේගම සහ ඇල්පිටිය

කළුතර දිස්ත්‍රික්කය – බුලත්සිංහල

මහනුවර දිස්ත්‍රික්කයේ – පාතදුම්බර සහ යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය – යටියන්තොට, කෑගල්ල සහ බුලත්කොහුපිටිය

මාතලේ දිස්ත්‍රික්කය – රත්තොට, නාඋල, උකුවෙල, ලග්ගල පල්ලේගම සහ මාතලේ

මාතර දිස්ත්‍රික්කය – පිටබැද්දර

නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කය – පැල්මඩුල්ල, ඉඹුල්පේ, කහවත්ත, ඕපනායක, රත්නපුර සහ බලංගොඩ

Share This