පුද්ගලයන් 67 දෙනෙකු ගමන් ගත් ගුවන් යානයක් කසකස්තානයේදී කඩා වැටෙයි

පුද්ගලයන් 67 දෙනෙකු ගමන් ගත් ගුවන් යානයක් කසකස්තානයේදී කඩා වැටෙයි

පුද්ගලයන් 67 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක් කසකස්තානයේ Aktau ආසන්නයේදී අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරින් පුද්ගලයින් 27 දෙනෙකු දිවි ගලවාගෙන ඇති බව සඳහන්.

දිවි ගලවා ගත්තවුන් ද පසුවන්නේ දැඩි අසාද්‍ය තත්ත්වයෙන් බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අනතුරට ලක්ව ඇති යානය Azerbaijan ගුවන් සේවයට අයත් එකකි.

එය අසර්බයිජානයේ Baku සිට රුසියාවේ Grozny දක්වා ගමන් කරමින් තිබූ බව සඳහන්.

සිදුවීම සම්බන්ධයෙන් අසර්බයිජාන් එයාර්ලයින්ස් වෙතින් තවමත් ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර අනතුරට හේතුව කුමක්ද යන්න ද මෙතෙක් අනාවරණයව නොමැත.

ගුවන් යානය බිම වැදීමත් සමඟම ගින්නෙන් පුපුරා යන අතර පසුව ඝන කළු දුමාරයක් පැතිර යන බවයි වීඩියෝපටවල දක්නට ලැබෙන්නේ.

මේ සම්බන්ධයෙන් එරට හදිසි අවස්ථා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, ගිනි නිවන සේවා විසින් ගින්න නිවා දමා ඇති අතර කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු දිවි ගලවා ගත් පිරිස් අසල රෝහලක ප්‍රතිකාර ලබන බවයි.

Share This