හිම කුණාටුවකට මැදිව අවසන් ගමන් ගිය ඔලිම්පික් ක්රීඩිකාව
ඔලිම්පික් ක්රීඩිකාවක වන 26 හැවිරිදි Sophie Hediger, සිය මව් රට වන ස්විට්සර්ලන්තයේදී හිම කුණාටුවක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
හෙඩිගර් ප්රසිද්ධ, හිම මත ලිස්සා යන ඔලිම්පික් ක්රීඩිකාවක ලෙසයි.
ඇය මරණයට පත්ව ඇත්තේ, ස්විට්සර්ලන්තයේ නැගෙනහිර දෙසින් පිහිටි නගරයක් සහ නිවාඩු නිකේතනයක් වන අරෝසා හි ස්වභාවික භූමි ප්රදේශයකදී බව සඳහන්.
මිය යාමට පෙර හෙඩිගර් සහ තවත් පුද්ගලයෙකු බෑවුම් ප්රදේශයක සිට ඇති අතර ඉන් ඉවතට යාමෙන් පසුවයි හිම කුණාටුවට ගොදුරුව ඇත්තේ.
හෙඩිගර් හට මුහුණ පෑමට වුණු ඇබැද්දිය සම්බන්ධයෙන් ගලවාගැනීමේ සේවාවන්ට දැනුම් දී ඇත්තේ ද ඇය සමඟ වූ අනෙක් පුද්ගලයා විසිනි.
හෙඩිගර් 2022 චීනයේ පැවති ශීත ඍතු ඔලිම්පික් උළෙලට තරඟ කර ඇති අතර 2023-24 හි ලෝක මට්ටමේ තරඟාවලි දෙකක් සාර්ථකව අවසන් කිරීමට ද හිමිකම් කීය.
හෙඩිගර්ගේ අභාවය සම්බන්ධයෙන් ‘Swiss-Ski සම්මේලනය’ දැනුම් දී ඇත්තේ, ඇයගේ පවුලේ අය සහ සහකරු සමඟ එකඟව ඇති පරිදි මෙම මරණය පිළිබඳ වැඩිදුර තොරතුරු ප්රසිද්ධ නොකරන බවයි.