යුක්රේන මුද්දරයක් දැඩි ආන්දෝලනයට !

යුක්රේන මුද්දරයක් දැඩි ආන්දෝලනයට !

තැපැල් මුද්දරවල රළු අභිනයන් දුර්ලභ වන නමුත්, යුක්රේනයේ හොඳම මුද්දර අතර එවන් රළු ස්වරූපයක් ගන්නා මුද්දරයක් දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

මෙම මුද්දරය මඟින් නිරූපණය කෙරෙන්නේ, සොල්දාදුවෙක් රුසියානු යුද නැවකට සිය මැද ඇඟිල්ල ඔසවන අන්දමයි.

අදාළ යුද නෞකාව මුද්දරය නිකුත් කර දින දෙකකට පසු යුක්රේනියානුවන් විසින් ගිල්වා දමන ලද අතර, මුද්දර සතියක් ඇතුළත විකුණා අවසන් වූ බවත් සඳහන්.

මෙම මුද්දරය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, යුක්රේනයේ තැපැල් සමාගමක් වන Ukrposhta හි ප්‍රධානියා වන Ihor Smilyansky සඳහන් කර ඇත්තේ ‘මෙය ගත යුතු ම අවදානම් පියවරක්’ වන බවයි.

“ඒක මගේ තීරණයක්. මම කිව්වා, අනිත් හැමෝම මොනවා හිතුවත් මට වැඩක් නැහැ.
මම විශ්වාස කරනවා ඒක හරි දේ කියලා…”

විදෙස් වාර්තාවන්ට අනුව Ukrposhta, මෙවන් මුද්දර මිලියන අටක් පමණ අලෙවි කර ඇත.

ඒ අතර යුක්රේනයේ බිම් බෝම්බ සෙවීම සඳහා ප්‍රසිද්ධ සුනඛ රුවක් ද වේ.

එම මුද්දරය මඟින් ඩොලර් 500,000 (£ 400,000) පමණ උපයා ඇති බවත් සඳහන්. එහි සියලු ඉපයීම්වලින් 80% ක් බිම්බෝම්බ ඉවත් කිරීමේ උපකරණ සඳහා සහ ඉතිරිය සත්ත්ව නවාතැන් සඳහා වැය කරන ලද බවයි වාර්තා වන්නේ.

බොහෝ පිරිස් පෙන්වා දෙන්නේ, රුසියාව සමඟ යුද්ධයේදී යුක්රේනයේ චිත්ත ධෛර්යය පවත්වා ගැනීම සඳහා Ukrposhta ගේ මුද්දර විසල් කාර්‍යභාරයක් ඉටුකරන බවයි.

එමෙන්ම යුක්රේන මුද්දරවල සුවිශේෂී ස්වභාවය ලොව පුරා මුද්දර එකතුකරන්නන් අතර ද ජනප්‍රියත්වයට හේතු කාරණා වී තිබේ.

Share This