ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1944 වසරේ ඔක්තෝබර් මස 27 වන දින උපත ලැබූ ඒ මහතා මිය යන විට 80 වන වියේ පසු වුණා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතාගේ දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.

“මට වාසනා.., මගේ ළමැද සුව යහනක්.., රටකින් එහා.., ඇසුරින් මිදීලා.., ඈත රන් විමන්.., ආදරණීය නේරංජනා.., මගෙ සමරුම් පොතේ.., හිරු ද මුවාවි.., සුදු පරෙවි රෑන සේ.., සඳ තාරකා හඬාවි.., ලිහිනින් රෑන පියාසලන්නේ.., අඳුර අඳුර මගේ.., හෙට දවසේ අප දෙදෙනා..” යන ගීත ඔහුගේ අතිශය ජනප්‍රිය ගීත අතරට එක්වනවා.

චිත්‍රපට පසුබිම් ගායකයෙක් ලෙසින් “හරියනකොට ඔහොම තමයි” චිත්‍රපටය හරහා සිනමාවට පිවිසෙන ඔහු පසුව “සෙලීනගේ වලව්ව”, “මල් කැකුළු”, “සිකුරු දසාව” සහ “ඈතිත් ඈතට” වැනි චිත්‍රපට කිහිපයකම ගීත ගායනා කර තිබෙනවා.

Share This